ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ – අභියාචනාධිකරණයේ ආරක්ෂාවත් තරවෙයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ පෙරේදා (19) දින සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් අභියාචනාධිකරණ සංකීර්ණයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ විශේෂ රැස්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ජගත් නිශාන්ත, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ මාෂල්වරයා, සහ කොළඹ නීතිඥ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු සහභාගී වුණා.

එහිදී අභියාචනාධිකරණ සංකීර්ණයට පිවිසෙන සියලුම පුද්ගලයින් සහ නීතිඥවරු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරු සහ පුද්ගලයින් අභියාචනාධිකරණ ගොඩනැගිල්ල පිවිසුමේ සවිකර තිබෙන විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී සංජීව ප්‍රනාන්දු සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඉදිරි කටයුතු කිරීමට ද මෙම රැස්වීමේදී එකඟතාව පළ වී තිබෙනවා.

මේ අතර ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් වෙඩික්කරු සහ ඔහුට පලා යාමට ආධාර අනුබල දුන් වෑන් රථයේ රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?