ගනේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණය සිදු කෙරේ – මහේස්ත්‍රාත්ගෙන් රෙජිස්ටාර් හට නියෝගයක්

අධිකරණ ශාලාව තුළ විත්ති කූඩුවේ සිටිය දී වෙඩිවැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට සියලු සහායන් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රධාන අධිකරණ රෙජිස්ටාර්වරයාට අද (19) නියෝග කළා.

සිද්ධියට අදාළ සියලු සීසීටීවී දර්ශන විමර්ශන අංශයන්ට ලබාදෙන ලෙසට ද රෙජිස්ටාර්වරයාට විනිසුරුවරිය විසින් නියෝග කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි වැදී මිය යෑම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළා.

කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා මගින් මෙම බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ පොලිස් නිලධාරින් අධිකරණයට කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ම පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවයි.

ඊට පොලිසියේ විවිධ අංශ සහාය දක්වා ඇති බවත් සීසීටිවි දර්ශන තවදුරටත් ලබා ගැනීමට ඇති හෙයින් අදාළ දර්ශන ලබාදෙන ලෙසට රෙජිස්ටාර්වරයාට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියා.

මරණ පරීක්ෂණය සූදානම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටි අතර
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉල්ලා සිටින ලද අදාළ නියෝග නිකුත් කරමින් මරණ පරීක්ෂණය මහෙස්ත්‍රාත්වරියගේ සහභාගිත්වයෙන් අද පස්වරු 2.30ට සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?