AFC Banner
Empty Ad
Empty Ad

ගන්දර OIC රක්ෂිත බන්ධනාගාරයට (ඡායාරූප)

කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට සම්බන්ධ ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අද (25) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පොලිසියට පැවසුවේ සිද්ධියට අදාල සියලු තොරතුරු 28 වනදා අධිකරණය හමුවට ඉරිදිපත් කරන ලෙසයි.

ඊයේ (24) රාත්‍රියේ ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.

ඒ අනුවයි මාතර පොලිසිය විසින් සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?