AFC Banner
Empty Ad
Empty Ad

ගතවූ මාස තුන තුළ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පහළයෑමක්

මේ වසරේ මුල් මාස දෙක තුළදී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත භාවිත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙසින් වාර්තා වී තිබුණා.

එහෙත් 2023 ජනවාරි මාසය අවසන් වන විට එය 1,942,272 ක් දක්වාත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් ඇති බව මහ බැංකුව පැවසුවා.

මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය 2022 දෙසැම්බර් මාසය අවසන් වන රු. මිලියන 143,098 වූ අතර 2023 ජනවාරි මාසය අවසන් වනවිට රු. මිලියන 142,061 ක් දක්වාත්, 2023 පෙබරවාරි මාසය අවසන් වනවිට රු. මිලියන 141,001 ක් දක්වාත් අඩු වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?