මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි තම නිවස තුළදී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ (19) සිය දිවි නසාගෙන ඇති මෙම සිසුවා 2020 වසරේ උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වූ අයෙක්.
පොලිසිය පැවසූවේ කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මෙම සරසවි සිසුවා නිවස තුළගෙළ වැළලාගෙන සිටියදී හමුවී ඇති බවයි.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබෙනවා. මෙම සිසුවාගේ දෙමව්පියන් දෙදෙනාම ගුරුවරුන් බව ද සඳහන්.
පැවති සිත් තැවුලක් හේතුවෙන් ඔහු සියදිවි නසාගන්නට ඇති බවට සැක කෙරෙන අතර නිශ්චිත හේතුවක් මෙතක් අනාවරණ වී නැහැ.














Suicide prevention programmes have to be held in all universities, SUMITHRAYO there always if universities requested