ගජමුතු කිහිපයක් සමඟ අයෙක් STF අත්අඩංගුවේ (ඡායාරූප)

දළ ඇතුන් මරා ලබාගන්නා ලද මිල අධික ගජමුතු කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අම්පාර පොලිස් වසමේ හිඟුරාන පාරේ සමර්සිටි හෝටලය අසල දී ඊයේ (03) අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සන්තකයේ තිබී ගජමුතු 05ක් සොයාගෙන ඇති අතර, ඔහු ගිරාදුරුකොට්ටේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්