කෝවිල් දෙකක දේපළ සොරකමක්

ලුණුගල ප්‍රදේශයේ කෝවිල් දෙකකින් රුපියල් හාරලක්ෂ හතලිස් දහසක් පමණ වටිනාකමකින් යුත් රත්‍රන් ඇතුළු භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 06 වනදා රාත්‍රී කෝවිල්වලට ඇතුල්වූ කිසියම් කණ්ඩායමක් විසින් මෙම සොරකම සිදු කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

ලුණුගල එල්රාඩෝ වතුයායේ ඇති ශ්‍රී කන්නිමාරිඅම්මාන් පත්තිනි දේවාලයේ දේව ප්‍රතිමාවේ තිබු රත්තරන් කැබලි 03ක්, ඇහි බැමි 02ක් සහ නේත්‍රා 01ක්, DVD යන්ත්‍රයක් සහ ශබ්දවාහිනී යන්ත්‍රය සදහා භාවිතා කරනු ලබන ඈම්ප් 01ක් මෙහිදී පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.

එම භාණ්ඩවල වටිනාකම රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වන බවයි එම කෝවිලේ භාරකාරු කියාසිටියේ.

එදිනම රාත්‍රී ලුණුගල පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටා ඇති ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලයට ඇතුළු වූ පිරිසක් එම දේවාලයේ දේව ප්‍රතිමාවක තිබු රත්තරන් තායි 01ක් සහ තායි පොට්ටු 01ක් ද සොරකම් කර තිබෙනවා.

ඒවායෙහි වටිනාකම රුපියල් හැත්තෑ දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ.

අදාළ දේවාල තුළ සිදු වූ සොරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ලුණුගල පොලිස් ස්ථානය මගින් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සොරකමට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15