කෝවිල් ගිය බැතිමතුන් සමඟ බස් රථය පෙරලී 6 කට බරපතලයි

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබ ඇතැයි පුනරීන් පොලීසිය පැවසීය.

මුලතිව් වට්ට්‍රාපලෙයි කෝවිලේ පැවති වර්ෂික දේව මෙහෙයක් වෙනුවෙන් යාපනයේ සිට පෞද්ගලික බස්රථයකින් පැමිණ දේව මෙහෙය අවසන් වීමෙන් පසුව නැවත යාපනය බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක් ඇත.

බස්රථය අධික වේගයෙන් ගමන් කිරීමෙන් රියදුරුට වේගය පාලනය කරගැනීමට නෙහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යන්නට ඇතැයි පොලීසිය සැක පල කර සිටියි.

බස්රථය පෙරලීමෙන් එහි ගමන්ගත් මගීන් 6 දෙනෙකු තුවාල ලබා පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් කිලිනොච්චිය රෝහලට මාරු කොට යවා ඇති අතර පුනරීන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?