කෝටි 5 කට වැඩි වටිනා පාර්සල් තොගයක් මුහුදේ පාවේ

රුපියල් මිලියන 59 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 197 ග්‍රෑම් 67 ක්  මන්නාරම මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී 16 රාත්‍රියේ සොයාගනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාව මගින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු සීමාවේදී සෝදිසි මුර සංචාරයේ යෙදී සිටින අතරවාරයේදී ගොනි දෙකක් මුහුදේ පාවෙමින් තිබෙනු දැක නාවික නිලධාරීන් පිරිසක් අදාල ගෝනි දෙක ගෙන පරික්ෂා කිරීමේදී එහි තිබී පාර්සල් 50 ක අසුරණ ලද අදාල කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගය රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතරම කේරල ගංජා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා මුහුදට දමා පලා ගොස් ඇති බවට නාවික හමුදාව සැකපල කොට සිටියි.

අත්අඩංගුවට ගත් කේරලගංජා තොගය ඉදිරියේදී පවතින සෞඛ්‍යාරක්ෂිත නීතිවලට අනුව ගිනිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.