AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 32 ක් වෙනුවෙන් සටන් කරන ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචිතය මෙන්න

රුපියල් කෝටි 32ක තෑගි මල්ලක් ශූරයන් වෙත තිළිණ කෙරෙන 2021 පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (14 වෙනිදා ) ඩුබායි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.30 ට ආරම්භ වේ.

ඒරන් ෆින්ච් විසින් නායකත්වය දරනු ලබන ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමත්, කේන් විලියම්සන් විසින් නායකත්වය දරනු ලබන නවසීලන්ත කණ්ඩායමත් අතර මෙම අවසන් මහා තරගය පැවැත්වේ. එම තරගයත් සමග නිමාවන මෙවර පන්දු වාර 20 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අනුශූරයින්ට හිමි වන මුදල රුපියල් කෝටි 16ක් වේ.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටය යටතේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් එම කාණ්ඩයේ දෙවෙනියා ලෙස අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබූ අතර නවසීලන්තය දෙවෙනි කාණ්ඩයේ දෙවෙනි ස්ථානය දිනා ගෙන අවසන් පූර්ව වටයට පිවිසියේය.

අවසන් පූර්ව තරග වටය යටතේ ඔස්ටේ‍්‍රලියාව විසින් පකිස්තානයද, නවසීලන්තය විසින් එංගලන්තයද පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් සපුරා ගන්නා ගත්තේය.

නවසීලන්තය පන්දු වාර 20 – 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ඔස්ටේ‍්‍රලියාව 2010 වසරේදී එහි අනුශූරතාවය දිනා ගෙන ඇත.

පසුගිය ඔක්තෝම්බර් මස 16 වෙනිදා ඇරඹි මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 16ක් තරග වැදුණි.

නවසීලන්ත කණ්ඩායම මෙතෙක් සීමිත පන්දු වාර ලෝක කුසලාන තරගාවලියක ශූරයන් වී නොමැති අතර 2015 එක් දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන් ඔස්ටේ‍්‍රලියාවටත්, 2019 එක් දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඔවුන් එංගලන්තය හමුවේත් පරාජයට පත් වී ඇත.

ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය කෝටි 32ක් වෙනුවෙන් ඩුබායි හිදී හෙට සටනට
ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ මෙවර ශක්තිය බවට පත්ව ඇත්තෙ ලකුණු හඹා ගොස් ජය ගැනීම වන අතර පරාද වුණු එකම තරගයේදී ඔවුන් මුලින් පන්දුවට පහර දී ඇත.

නායක ඒරන් ෆින්ච් ප‍්‍රමුඛ ඔස්ටේ‍්‍රලියා පිතිකරු බලඇනිය ඬේවිඞ් වෝනර්, ග්ලේන් මැක්ස්වල්, ස්ටීවන් ස්මිත්, මිචෙල් මාෂ් සහ අවසන් තරගයේ පෙරළියක් කළ මැතිව් වේඞ් හා මාකස් ස්ටොයිනිස් යන පිතිකරුවන්ගෙන් යුක්ත වේ. මිචෙල් ස්ටාර්ක්, ජොස් හේසල්වුඞ්, පැට් කමින්ස් සහ ඇඩම් සම්පා ඔස්ටේ‍්‍රලියා පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරයි.

නවසීලන්ත නායක කේන් විලියම්සන් සතුවද ඊට නොදෙවෙනි පිතිකරු ලැයිස්තුවක් වන අතර මාර්ටින් ගප්ටිල්, ඩැරිල් මිචෙල් , ජෙම්ස් නීශම් සහ ඩෙවොන් කොන්වේ ඊට ශක්තිය සපයති. ඉෂ් සෝධි සහ මිචෙල් සෑන්ට්නර් යන නවසීලන්ත ද`ග පන්දු යවන්නන් දෙදෙනා හමුවේ ඔස්ටේ‍්‍රලියාවට සංයමයෙන් යුතුව පිත්ත හැසිරවීමට සිදුවනු ඇත. එසේම ටිම් සවුති සහ ට‍්‍රනේට් බෝල්ට්ගේ වේග පන්දුව ඔස්ටේ‍්‍රලියාවට කවදත් හිසරදයකි.

ලොව පළමු පන්දු වාර 20 – 20 තරගය ඇතුළුව නවසීලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර මේ වනවිට පන්දු වාර 20 – 20 තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක් ඔස්ටේ‍්‍රලියාව ජය ගෙන ඇති අතර නවසීලන්තය තරග 5ක් ජය ගෙන ඇත.

ලෝක කුසලාන තරගාවලියක ඔවුන් මුණ ගැසෙන දෙවෙනි අවස්ථාව මෙය වන අතර එහි පළමු අවස්ථාවේ ජයග‍්‍රහණය ඔස්ටේ‍්‍රලියාවට හිමි වී තිබේ.

ඔස්ටේ‍්‍රලියානු සංචිතය

එරන් ෆින්ච් (නායක), පැට් කමින්ස්, ඇෂ්ටන් ආගර්, ජොෂ් හෙස්ලවුඞ්, ජොෂ් ඉංග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඞ්, ඬේවිඞ් වෝනර්, ඇඩම් සම්පා සහ මිචෙල්ස් ස්වෙප්සන්

නවසිලන්ත සංචිතය

කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, ඩැරිල් මිචෙල්, ඩෙවෝන් කොන්වේ, ග්ලේන් පිලිප්ස්, ජේම්ස් නීෂම්, මිචෙල් සැන්ට්නර්, ඇඩම් මිලන්, ටිම් සවුති, ඉෂ් සෝධි, ට‍්‍රනේට් බෝල්ට්, ටොඞ් ඇස්ටල්, මාක් චැප්මන්, කයිල් ජෙමීසන් සහ ටිම් සෙයිෆට්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42

?