රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ යාපනයේ පොන්නාලෛ හා පොලිගණ්ඩි යන ප්‍රදේශ දෙකකින් මෙම කේරළ ගංජා තොගය සොයා ගැනුණු බවයි.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 513ක ප්‍රමාණයක් පොලිස් වැටලීමේ දී සොයා ගැනුණා.
යාපනය දිස්ත්‍රික් පොලිස් විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (15) පොන්නාලෛ රක්ෂිතයේ දී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි වාර්තාකරු සඳහන් කළේ.
ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම කේරළ ගංජා තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබියදීයි.
මෙම වැටලීම් දෙකෙන් ම සැකකරුවන් එක් අයෙකු අත් අඩංගුවට ගැනුණු අතර සෙසු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වඩුක්කෝඩෛ හා පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.





