කෝටි 15ක ගංජා තොගයක් රක්ෂිතයක් තුළ දී වටලයි

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ යාපනයේ පොන්නාලෛ හා පොලිගණ්ඩි යන ප්‍රදේශ දෙකකින් මෙම කේරළ ගංජා තොගය සොයා ගැනුණු බවයි.

කේරළ ගංජා කිලෝග්‍රෑම් 513ක ප්‍රමාණයක් පොලිස් වැටලීමේ දී සොයා ගැනුණා.

යාපනය දිස්ත්‍රික් පොලිස් විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (15) පොන්නාලෛ රක්ෂිතයේ දී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි වාර්තාකරු සඳහන් කළේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම කේරළ ගංජා තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබියදීයි.

මෙම වැටලීම් දෙකෙන් ම සැකකරුවන් එක් අයෙකු අත් අඩංගුවට ගැනුණු අතර සෙසු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වඩුක්කෝඩෛ හා පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23