කෝටි 12ක රත්‍රන් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 12ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කිලෝ 05යි ග්‍රෑම් 500ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

35 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාව මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී සිටින බැවින් ඇයට මෙරට වාසය කිරීම සඳහා නේවාසික වීසා ද හිමිව තිබෙන බව සඳහන්.

ඇය තම කුඩා දරුවන් දෙදෙනා ද සමග අද අලුයම 12.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාව තම ඉන ප්‍රදේශයේ බැඳ තිබූ විශේෂ බඳ පටියක් භාවිතා කර ඒ තුළ සහ ඇයගේ අත් බෑගය තුළ පාර්සල් 08ක මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා.

සැකකාර ඉන්දීය ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් භාරයේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?