කෝටි 12ක රත්‍රන් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 12ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය කිලෝ 05යි ග්‍රෑම් 500ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

35 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාව මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී සිටින බැවින් ඇයට මෙරට වාසය කිරීම සඳහා නේවාසික වීසා ද හිමිව තිබෙන බව සඳහන්.

ඇය තම කුඩා දරුවන් දෙදෙනා ද සමග අද අලුයම 12.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාව තම ඉන ප්‍රදේශයේ බැඳ තිබූ විශේෂ බඳ පටියක් භාවිතා කර ඒ තුළ සහ ඇයගේ අත් බෑගය තුළ පාර්සල් 08ක මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා.

සැකකාර ඉන්දීය ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් භාරයේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20