කෝටි 11ක රත්‍රන් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් (Capsules) 16ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරක් මතයි ගුවන් යානයක් තුළට ගොස් අද අලුයම මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අද අලුයම 01.40ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ලැබුණු තොරතුරට අනුව ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගමන් මල්ල තුළ කිලෝ 06යි ග්‍රෑම් 423යි මිලි ග්‍රෑම් 9ක් බරැති රත්තරන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සඟවා තිබියදී සොයා ගැනුණා.

මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර සැකකරුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම වාර්තා ලැබෙන තෙක් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22