කෝටි හැටක අලාභයක් වු වැලිකඩ හිරගෙදර උද්ඝෝෂණය

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රඳවා සිටි සිරකරුවන් 13 දෙනෙකු පසුගිය සැප්තැම්බර් 20 වන දින සිට බන්ධනාගාරයේ වහලයක් මතට නැග උද්ඝෝෂණය කිරීම හේතුවෙන් බන්ධනාගාර ගොඩනැගිල්ලට කෝටි හැටකට අධික අලාභයක් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (පෙබ. 24) කරුණු වාර්තා කළේ ය.

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ජයකොඩිගේ ප්‍රියංකර මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් තක්සේරු වාර්තාවලට අනුව රුපියල් 605,489,500.04 අලාභයක් එම උද්ඝෝෂණයේදී බන්ධනාගාරයට සිදුවී ඇති බව බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

පසුගිය 2021 සැප්තැම්බර් මස 20 වන දින සිට ඔක්තෝබර් මස 28 වන දින දක්වා අතර කාලය තුළ මෙම රැඳවියන්  දහතුන්දෙනා විසින් බන්ධනාගාරයේ වහලය උඩට නැගී උද්ඝෝෂණය සිදුකර ඇති බව ත් එහිදී වහලයේ උළුකැට, විදුලි පද්ධතිය හා වඩු අංශයට අලාභ හානි සිදුවී ඇති බවට අනාවරණය වන බව ත් එසේ ම හානි වූ ගොඩනැගිල්ල මිල කළ නොහැකි පෞරාණික ගොඩනැගිල්ලක් බවත් එම ගොඩනැගිල්ලේ මහල් තුනකට මෙම උද්ඝෝෂණය හේතුවෙන් හානි සිදුවී ඇති බව ත් බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින මංජුල සිසිර කුමාර, නිමල් කොස්තා, සාගර කැලුම්, සඳරුවන් කුමාර, පාලිත මදුරංග, නිමල් ප්‍රේමචන්ද්‍ර, රන්ජිත් උපාලි, එස්.ඩී. සඳරුවන්, කේ.සී. රොෂාන්, අජිත් කුමාර, ආර්.එම්. කරුණාතිලක, එම්. සිල්වා අජිත් ප්‍රසන්න යන සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී පියවර ගන්න බව බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ත් මෙම සැකකරුවන් දහතුන්දෙනාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත් බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරට ත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23