කෝටි පහක කේරළ ගංජා සමග සැකකරු එස්.ටී.එෆ් දැලේ (ඡායාරූප)

නීති විරෝධී ලෙස හොර රහසේ නිවසක මුළුතැන්ගෙයි සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205ට ආසන්න තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වී තිබුණා.

නීති විරෝධී වත්කම් කොට්ඨාශ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම හදිසි වැටලීම සිදුකෙරුණා.

පොලිතින් කවර 94ක බහා ඉතා සූක්ෂම ලෙස අසුරන ලද කේරළ ගංජා තොගය ප්‍රධාන සැකකරුගේ නිවසේ මුළුතැන්ගෙයි සඟවා තිබිය දී මෙලෙස සොයා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය (06) කොටස යාය 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් පස් හැවිරිදි විවාහකයෙක්.

මොහු මෙම ගංජා තොගය නීති විරෝධි ලෙස මන්නාරම ප්‍රදේශයේ සිට හොර රහසේ රැගෙනවිත් තොග අලෙවිය සඳහා නිවසේ ගබඩා කර තිබෙනවා.

අදාළ සැකකරු සිය වැඩිමහල් සහෝදරයා සමග එක්ව මෙම කූඨ ජාවාරම වසර ගණනාවක සිට හොර රහසේ සිදුකර ගෙන ගොස් ඇති බවත්, අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල මහා පරිමාණයෙන් මෙම කේරළ ගංජා ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත්, සැකකරු විමර්ශන නිලධා‍රීන් හමුවේ පාපෝච්චාරණය කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා රාජාංගනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 09 15 at 09.20.32
WhatsApp Image 2024 09 15 at 09.20.30
WhatsApp Image 2024 09 15 at 09.20.29 2
WhatsApp Image 2024 09 15 at 09.20.29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?