කෝටි පහක කේරළ ගංජා සමග සැකකරු එස්.ටී.එෆ් දැලේ (ඡායාරූප)

නීති විරෝධී ලෙස හොර රහසේ නිවසක මුළුතැන්ගෙයි සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205ට ආසන්න තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වී තිබුණා.

නීති විරෝධී වත්කම් කොට්ඨාශ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම හදිසි වැටලීම සිදුකෙරුණා.

පොලිතින් කවර 94ක බහා ඉතා සූක්ෂම ලෙස අසුරන ලද කේරළ ගංජා තොගය ප්‍රධාන සැකකරුගේ නිවසේ මුළුතැන්ගෙයි සඟවා තිබිය දී මෙලෙස සොයා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය (06) කොටස යාය 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් පස් හැවිරිදි විවාහකයෙක්.

මොහු මෙම ගංජා තොගය නීති විරෝධි ලෙස මන්නාරම ප්‍රදේශයේ සිට හොර රහසේ රැගෙනවිත් තොග අලෙවිය සඳහා නිවසේ ගබඩා කර තිබෙනවා.

අදාළ සැකකරු සිය වැඩිමහල් සහෝදරයා සමග එක්ව මෙම කූඨ ජාවාරම වසර ගණනාවක සිට හොර රහසේ සිදුකර ගෙන ගොස් ඇති බවත්, අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල මහා පරිමාණයෙන් මෙම කේරළ ගංජා ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත්, සැකකරු විමර්ශන නිලධා‍රීන් හමුවේ පාපෝච්චාරණය කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා රාජාංගනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 09 15 at 09.20.32
WhatsApp Image 2024 09 15 at 09.20.30
WhatsApp Image 2024 09 15 at 09.20.29 2
WhatsApp Image 2024 09 15 at 09.20.29


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40