AFC Banner
AFC Banner
Empty Ad

කෝටි දෙකක රන් පන්නන්න හැදූ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් 08ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ආරක්ෂක නිලධාරියා කැළණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

ඩුබායි සිට අද (27) උදෑසන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් රන් බිස්කට් අට ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී මෙම ආරක්ෂක නිලධාරියාට ලබාදෙන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

මෙම ආරක්ෂක නිලධාරියා කිලෝග්‍රෑම් එකක් පමණ බර රන් බිස්කට් 08 සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසුකර යෑමට උත්සාහ කිරීමේ දීයි රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?