කෝටි දෙකක රන් පන්නන්න හැදූ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් 08ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ආරක්ෂක නිලධාරියා කැළණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

ඩුබායි සිට අද (27) උදෑසන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් රන් බිස්කට් අට ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී මෙම ආරක්ෂක නිලධාරියාට ලබාදෙන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

මෙම ආරක්ෂක නිලධාරියා කිලෝග්‍රෑම් එකක් පමණ බර රන් බිස්කට් 08 සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසුකර යෑමට උත්සාහ කිරීමේ දීයි රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14