කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් මහරගම සහ බෝමිරියේ දී අල්ලයි

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි 45 හැවිරිදි සැකකරුවෙක් මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තයේ තිබී මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 160ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර කිලෝග්‍රෑම් 30කට ආසන මත්ද්‍රව්‍ය‌ තොගයක් සමඟ 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බියගම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 19ක් පමණ වන බවයි.

සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14ක් සහ හෙරොයින් ග්‍රෑම් 941ක් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?