කොළොන්නාවේ දැවි තෙල් වංචාවක් (වීඩියෝ)

කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් බව්සර් රථවලට නිකුත් කරන දැවි තෙල් වංචාසහගත ලෙස, වෙනත් බව්සර් රථවලට මාරු කර විකිණීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදීයි.

කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් බව්සර් රථ වලට නිකුත් කරන දැවි තෙල් වංචාසහගත ලෙස වෙනත් බව්සර් රථවලට මාරු කර විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් යුගදනවී විදුලි බලාගාරයේ පාලනාධිකාරිය මගින් ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ විමර්ශන නිලධාරීන්ට පසුගිය දා පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම විදුලි බලාගාරය වන යුගදනවි බලාගාරයේ ටර්බයින් යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් නප්තා ඉන්ධන නිකුත් කිරීම සිදු වනවා.

ඒ් අනුව පසුගිය දිනක නිකුත් කළ ඉන්ධන ලීටර් 33000 කින් ලීටර් 16000 ක් අඩු වී ඇති බව යුගදනවී විදුලි බලාගාරයේ පාලනාධිකාරිය වෙත නිරීක්ෂණය වී ඇති අතර පසුව ඔවුන් ඒ් පිළිබඳ ව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන් හට පැමිණිලි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව විමර්ශන නිලධාරීන් ඉතාමත් සූක්‍ෂම ලෙස විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී කොලොන්නාවේ සිට ඉන්ධන රැගෙන එන බව්සර් රථ බෝපිටියේ පිහිටි පෞද්ගලික අංගනයක් තුළට රැගෙන විත් එහි ඉන්ධන වෙනත් බව්සර් රථවලට මාරු කරන බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඉන්ධන රැගෙන පැමිණි එක් බව්සර් රථයක රියදුරු සහ බවුසර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා එය බෝපිටිය පොලිසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22