logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කොළොන්නාවේ දැවි තෙල් වංචාවක් (වීඩියෝ)

කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් බව්සර් රථවලට නිකුත් කරන දැවි තෙල් වංචාසහගත ලෙස, වෙනත් බව්සර් රථවලට මාරු කර විකිණීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදීයි.

කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් බව්සර් රථ වලට නිකුත් කරන දැවි තෙල් වංචාසහගත ලෙස වෙනත් බව්සර් රථවලට මාරු කර විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් යුගදනවී විදුලි බලාගාරයේ පාලනාධිකාරිය මගින් ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ විමර්ශන නිලධාරීන්ට පසුගිය දා පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම විදුලි බලාගාරය වන යුගදනවි බලාගාරයේ ටර්බයින් යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් නප්තා ඉන්ධන නිකුත් කිරීම සිදු වනවා.

ඒ් අනුව පසුගිය දිනක නිකුත් කළ ඉන්ධන ලීටර් 33000 කින් ලීටර් 16000 ක් අඩු වී ඇති බව යුගදනවී විදුලි බලාගාරයේ පාලනාධිකාරිය වෙත නිරීක්ෂණය වී ඇති අතර පසුව ඔවුන් ඒ් පිළිබඳ ව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන් හට පැමිණිලි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව විමර්ශන නිලධාරීන් ඉතාමත් සූක්‍ෂම ලෙස විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී කොලොන්නාවේ සිට ඉන්ධන රැගෙන එන බව්සර් රථ බෝපිටියේ පිහිටි පෞද්ගලික අංගනයක් තුළට රැගෙන විත් එහි ඉන්ධන වෙනත් බව්සර් රථවලට මාරු කරන බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඉන්ධන රැගෙන පැමිණි එක් බව්සර් රථයක රියදුරු සහ බවුසර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා එය බෝපිටිය පොලිසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංදු කියන්න වේදිකාවට නැග්ග මන්ත්‍රී චින්තකට බෝතල් ප්‍රහාරයක් සජබයෙ හිතවතෙක් කොටු
01:10
Video thumbnail
'යුක්තිය 2' මෙහෙයුමෙන් දින 3කදී සැකකරුවන් 2,622ක් අත්අඩංගුවට
01:32
Video thumbnail
"මාධ්‍ය ආයතන හිමිකරුවන් - ප්‍රධානීන්, මාධ්‍යවේදීන් වත්කම් - බැරකම් ප්‍රකාශ දිය යුතුයි"
01:55
Video thumbnail
අනවසරයෙන් අප්‍රිකානු කැලෑ බළලෙක් මෙරටට ගෙන එති, ගුවන්තොටේදී අල්ලයි
00:59
Video thumbnail
පොල් වතුර ඉල්ලුම වැඩිවෙයි
01:44
Video thumbnail
අපි රනිල්ට ණයත් නෑ බයත් නැහැ - බැසිල් රාජපක්ෂ
01:17
Video thumbnail
ජනපති උදේ එජාප බළකොටුවේ සවස කළුතර රාජපක්ෂවරුන්ගේ රැලියේ
01:38
Video thumbnail
ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට
01:08
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-08
01:06:54
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලයේ දුන් ණයවලින් මිලියන 5,564ක පාඩුවක් - නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති
01:29

?