කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ මෙහෙයුම් ආරම්භ වන දිනය වරාය, නාවික හා ගුවන් සේවා
අමාත්‍යාංශය දැනුම් දෙයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන 2024 ජූනි මස පළමුවැනිදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
ඒ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වරයා,නාවික හා ගුවන් සේවා
අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්ථාව සලකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා )( පෞද්ගලික )සමාගමේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබුණි.
ඒ අනුව ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
කමිටුව හමුවේ කරුණු දක්වමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් වලින් මේ වන විට 20% ප්‍රගතියක් ලබා තිබෙන බවයි.
නැගෙනහිර පර්යන්තයේ, ඉදිකිරීම් 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමටද සැලසුම්කර ඇත.
කොළඹ වාරයේ බටහිර පර්යන්තයයේ ඉදිකිරීම් වලද දැනට 20% ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් එහි ඉදිකිරිම්ද 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ නිලධාරීන් පැවසුහ.




