කොළඹ වටේ යමින් ආරක්ෂාව බලන යකඩ යක්කු ගැන විස්තර මෙන්න…

ඇඳිරි නීතිය සමයේ බොහෝ දෙනා කොළඹ නගරය මධ්‍යයේ ගමන් කල සන්නද්ධ රථ ගැන අවධානය යොමු කලා සහ ඒ පිළිබන්දව කථා කලා.අද අපි මේ ලිපියෙන් සාකච්චා කරන්න සූදානම් වන්නේ බොහෝ දෙනාගේ ඇස යොමු වුනු මේ යුධ රථය පිළිබඳවයි.

මෙම යුධ රථය නමින් WZ551 APC ලෙස හදුන්වන අතර මෙය නිශ්පාදනය කරන රට වන්නේ මහජන චීනයයි.මෙය ඔවුන් නිශ්පාදනය ආරම්භ කර ඇත්තේ වර්ශ 1995 දී වන අතර එය අද දක්වාම නිශ්පාදන කටයුතු සිදු කරමින් ඇත.
ඉතාමත් ශක්ති සම්පන්න රථයක් වන මෙය යුධ රථයක සමාන්‍යයෙන් හිමි නොවන ආරඩම්බරකාර පෙනුම නිසා බොහෝ දෙනාගේ නෙත් බැඳගත් අලංකාරයකින්ද යුක්ත වනවා.

මෙම රථයේ සැලැස්ම නිර්මාණය කර තිබෙන්නේ ජියැන්ග් හොන්ග් නැමැත්ත්කු බවයි අන්තර්ජාලයේ තොරතුරු වල දැක්වෙන්නේ.

බරින් ටොන් 12.8 සහ 15.8ක් අතර වන මෙම රථය දිගින් මීටර් 6.63ක් වනවා.පලල සහ උස මීටර 2.8ක් බවයි දැක්වෙන්නේ.රැගෙන යා හැකි මඟීන් ප්‍රමානය 3-9 අතර වන බව දැක්වෙනවා.

අශ්ව බල 320 එන්ජින් ධාරිතාවයක් හිමි මෙම රථයට වරකට ඩීසල් ලීටර් 400ක් පිරවිය හැකි ටැංකියක්ද තිබෙනවා…

https://youtu.be/75Fg8kgUPqg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?