කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නිලධාරීයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (13) දිනයේ හඳුනාගත් බවය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශවලට අනුගතවෙමින් එම නිලධාරීයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

කොවිඩ් ආසාදිත කාර්යමණ්ඩල සාමාජිකයා මහකොමසාරිස් කාර්යාලය තුළ සිය රාජකාරී කටයුතු සිදුකිරීමේ දී බාහිර පාර්ශ්වයන් හා සම්බන්ධ වී නොමැති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිබේ.

එමෙන්ම කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර අවදානම පාලනය කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ගගෙන ඇති බවද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?