කොළඹ – නුවර පාර අද සිට සම්පූර්ණයෙන් විවෘතයි

කොළඹ – නුවර මාර්ගයේ ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොටස අද (08) සිට සම්පූර්ණයෙන් විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි සඳහන් කළේ, අද (08) උදෑසන 7.00 ට එම මාර්ග කොටස සම්පූර්ණයෙන් විවෘත කළ බවයි.

ආපදා හේතුවෙන් හානිවූ ප්‍රධාන මාර්ග 256 න් 219 ක් මේ වන විට රථ වාහන ධාවනය සඳහා විවෘත කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?