කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ලබන සතියේ ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

මේ වසරේ ගත වූ දින 18 තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 6,689ක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළා.