කොළඹ – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් – මව සහ පුතු ජීවිතක්ෂයට

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (20) රාත්‍රියේ සිදුවූ මෙම අනතිරින් මියගොස් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් සහ 18 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, ඔවුන් එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා බවටයි අනවරණය වී ඇත්තේ.

අනතුරින් පසු තුවාල ලැබූවන් සිව්දෙනා ම පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ පියා සහ අනෙක් පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලවෙත මාරුකර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?