කොළඹින් හමුවූ ඩෙල්ටා විකෘතිය ‘නව ප්‍රභේදයක් ලෙස’ වර්ධනය වීමේ අවදානම

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (21) පුවත්පත් වැඩිදුර තොරතුරු වාර්තා කර තිබෙනවා.

මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇති.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළා.

ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු සඳහන් කළා.

ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?