කොළඹින් හමුවූ ඩෙල්ටා විකෘතිය ‘නව ප්‍රභේදයක් ලෙස’ වර්ධනය වීමේ අවදානම

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (21) පුවත්පත් වැඩිදුර තොරතුරු වාර්තා කර තිබෙනවා.

මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇති.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළා.

ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු සඳහන් කළා.

ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09