කොහුවල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට

කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් පුද්ගලයෙක් වෙත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එය අසල නිවසක සිට අදාළ ළමයා වෙත එල්ල වී ඇති බවට සැක පලකරන බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?