Update – කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ පොලිස් වසමේ හතරමං හන්දිය ප්‍රදේශයේ දී අද (11) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 24ක කොස්ගොඩ ප්‍රදේශයේ අයෙක් බව පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

තුවාල ලැබූ පුද්ගලයා ඇතුළත් කර ඇත්තේ බලපිටිය රෝහලටයි.

Update – Friday, July 11, 2025, 7.48PM

————————————————————

කොස්ගොඩ හතරමං හන්දිය ප්‍රදේශයේ අද (11) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?