AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළඳී රෝහල්ගතව සිටි පිරිසකගේ නිවස සොරු බිඳලා

නිරෝධායන වෙමින් සිටි පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසක් බිඳ එහි තිබු මුදල් සහ ඔහුගේ දේපලවලට අදාළ ලියකියවිලි රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

නිවෙස් හිමියා පවසන්නේ මේ සම්බන්ධයෙන් දෙනියාය පොලීසියට පසුගිය 31වනදා සිය ඥාතියෙකු විසින් පැමිණි කළද මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බවය.

පසුගිය 21වනදා සිදුකළ PCR පරික්ෂණයකින් පසුව තමන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වු බවත් පසුව 23වනදා තමන්ව ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ඔහු පවසයි.

ඉන් පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකුට සිදු කළ PCR පරික්ෂණ අනුව ඔවුන්ට ද වෛරසය වැළඳි ඇති බව තහවුරු වු බැවින් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ප්‍රතිකාරවලින් අනතුරුව සුව වු පසු ඔහු ඊයේ (02) උදැසන සිය නිවසට ගොස් තිබේ.

ඒ වනතෙක් පොලීසිය සොරකම පිළිබඳ ව සොයාබැලීමට තම නිවසට පැමිණ නොමැති බව ඔහු පවසයි.

තමන් නැවතත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ නිවස විෂබිජානුහරණය කර නොමැති බැවින් විමර්ශන සඳහා පැමිණිමට නොහැකි බවය.

එහෙත් බටපොළ ප්‍රාදේශීය සභාව විසින් සිය නිවස විෂබිජානුහරණය කරඇති බව සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තහවුරු කළ බව ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?