AFC Banner
Empty Ad

කොවිඩ් මරණ 43ක් – සමස්තය 1,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1500 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 1527ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද  (01) වාර්තා වූ මරණ 43න් 12 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 31දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙම්මාතගම, පානදුර, දෙවළපල, කොළඹ 15, ඉරක්කමම්-02, නාරම්මල, පමුණුගම, හීනටියංගල, වක්වැල්ල, ගාල්ල, කොච්චිකඩේ, සීදුව, මහකිත්ගම, කොළඹ-05, මාතලේ, හොරණ, උස්සාපිටිය, මහරගම, ලුණුවිල, මාතලේ, නොච්චියාගම, අනුරාධපුරය, දිවුලපිටිය, දෙහිවල, මාලුමුල්ල බටහිර, හබරුගල, කළුතර, බද්දේගම, කොටුගොඩ, වත්තල, ඩෙල්ෆ්-යාපනය, වැලිකඩ බන්ධනාගාර රෝහල, රුවන්වැල්ල, යටියන්තොට, කොළඹ-07 සහ ඇල්පිටිය යන ප්‍රදේශවලින් එම කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?