කොවිඩ් මරණ තවත් 31 ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (10) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 15,754 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 26 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 18 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?