කොවිඩ් පරදන්න හිටපු අගමැති රජයට දුන්නු උපදෙස

කොවිඩ් වසංගතය මර්දනය කිරීමට අදාළ සියළු බලතල ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය , රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක් විනා දේශපාලන සටනකුත් නොවන බවයි .

“අද අපි උග්‍ර තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිඟයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්නේ නැති නම් අපි අමාරුවේ වැටෙනවා.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation ආයතනය අනුව අපේ රටත්, රෝගීන්ගේ සීග්‍ර වර්ධනයේ උපරිමයකට එන්න පුළුවන්. දවසකට සියයකට වඩා මිය යා හැකි තත්ත්වයක් ජූනි ජූලි මාසය වෙන කොට එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කළ යුතු වෙනවා.

මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි.

ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය සම්පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි. කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතලකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා.

අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න. ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම බාර ගන්න. මේ සතියෙම පාර්ලිමේන්තු විපක්ෂ නායකයින් එක්ක කතා කරන්න. එයාලගේ සහයෝගය ලබාගන්න. අදහස් ලබාගන්න . ඔවුනුත් ඒ අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න අවශ්‍යයි. ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න.

දැන්මම ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න.

එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09