කොවිඩ් නිසා මාසයක් තුල චීනයේ 60000ක් මරුට

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුල පමණක් කොවිඩ් ආසාදනය හේතුවෙන් චීනයෙන් පුද්ගලයන් 60000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි තොරතුරු අනාවරණ වනවා.

වසර 3ක පමණ කාලයක් පුරා චීනයේ පැවති දැඩි කොවිඩි නීති රීති සහ සංචරණ සීමා හදිසියේම ඉවත් කිරීමත් සමග ආසාදිතයන් සහ මරණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

චීනයේ සෞඛ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ උණ ඇතුළු රෝගී තත්වයන් හේතුවෙන් හදිසි රෝහල්ගතවීම් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් 8 වනදා සහ 2023 වසරේ ජනවාරි 12 වනදා අතර, චීන රෝහල්වල COVID ආශ්‍රිත මරණ සංඛ්‍යාව 59,938 ක් වූ බව එරට වෛද්‍ය පරිපාලන කාර්යාංශයේ ප්‍රධානී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

එම මරණ වලින් 5,503ක් COVID හේතුවෙන් ඇති වූ ශ්වසන අපහසුතාවයෙන් සිදු වූ අතර ඉතිරිය COVID සහ වෙනත් රෝගවල සංයෝජනයක් හේතුවෙන් සිදු වූ බවයි ඇය පෙන්වාදී ඇත්තේ.

මෙම සතිය මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියාසිටියේ චීනය වෛරසය අසධනයෙන් සිදුවන මරණ විශාල වශයෙන් අඩුවෙන් වාර්තා කරන අතර නිවැරදි තොරතුරු ලබාදීමට පියවර ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?