කොවිඩ් නිසා ගම්පොල රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන් අතුරුදන්

කොවිඩ්-19 වැළඳී ගම්පොළ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියේ සැරයන්වරයෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ නුවරඑළිය, කොත්මලේ පොලිසියේ අවසන් වරට රාජකාරි කටයුතු සිදු කළ සැරයන්, සුප්පයියා ඉලන්ගෝවන් නමැති 56 හැවිරිදි නැමති පොලිස් නිලධාරිවරයෙක් බවටයි වාර්තා වන්නේ.

වසර 33 කාලයක් පොලිස් සේවයේ යෙදී සිටි සුප්පයියා ඉලන්ගොවන් පොලිස් සැරයන්වරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ආරක්ෂක නිලධාරිවරයෙකු වශයෙන් රාජකාරි කර ඇති අතර පසුව නුවරඑළිය පොලිසියේ රාජකාරි කටයුතු සිදු කර තිබේ.

අනතුරුව ඔහු මීට මාස දෙකකට පමණ ප්‍රථම කොත්මලේ පොලිසියට මාරුවීමක් ලබාගෙන ගොස් ඇති බවටයි අප වාර්තා කරු සඳහන් කළේ.
.
අතුරුන් දැන්වූ සැරයන්වරයා කොවිඩ්-19 වැළඳී පවුලේ සමාජිකයන් ද සමග අගොස්තු මස 31 වන දින සිට නිවසේ නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් අනතුරුව රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම හේතුවෙන් සැප්තැම්බර් මස 8 වන දින ගම්පොළ මහ රෝහල වෙත ඇතුළත් කළ බවටයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු එම රෝහලේ 10 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

තම පියා රෝහලට ඇතුළත් කර දිනයේදී ම රෝහල් පාලන අධිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලැබූ තම පියා රෝහලෙන් පැන ගොස් ඇති බවට දැනුම් දුන් බව අතුරුදහන් වූ සැරයන්වරයාගේ පුතා කියා සඳහන් කර තිබේනවා

කෙසේ වෙතත්, තම පියාට රෝහලෙන් පැන යාමට හෝ එසේ පැන ගොස් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, අතුරුදන් වී ඇති තම පියා සොයා දීමට අවශ්‍ය කටයුතු කරන මෙන් පොලිසියෙන් සැරයන්වරයාගේ බිරිඳ ද ඉල්ලා සිටින බවයි අප වාර්තාකරු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?