කොවිඩ් නැවත හිස ඔසවයි !

කොවිඩ් රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ 56 හැවිරිදි කාන්තාවක් සහ යටියන්තොට පනාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කාන්තාව පසුගිය 27 වනදා අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින (28) මියගොස් තිබූ බව සඳහන්.

28 වනදා රෝහල් ගතවූ පිරිමි පුද්ගලයා 29 වැනි දින මිය ගොස් තිබූ බවයි හදිසි මරණ පරීක්ෂකවරිය ප්‍රකාශ කර ඇත්තේ.

කොව්ඩ් සමාජය පුරා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බවත් විශේෂයෙන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා යෝග්‍ය බව හදිසි මරණ පරීක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අයි. ඩි. එච්. රෝහලේ මේ වන විට කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන අතර කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගය වැළදී ඇති බවට වාර්තා වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (29) දිනයේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැණුනු අතර මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 672164ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?