කොවිඩ් තත්ත්වයේ වැඩිවීමක් – විශේෂ තැන්වල ඇන්ටිජන් පරීක්ෂණ ඇරඹේ

සංචරණ සීමා ඉවත් කිරීම සමඟ යම් ආකාරයකට කොවිඩ් තත්ත්වය වැඩි වී තිබෙනව බවට වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. විශේෂයෙන් පොදු ප්‍රවාහනය භාවිතයේ දී හා සෙසු කටයුතුවල දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වනවිට සියලු රෝහල්වලට පැමිණෙන පුද්ගලයින් හා තෝරාගත් ස්ථානවල ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

පුද්ගල ඒකරාශී විම් ආයතන තුළ තිබෙන රැස්වීම් විවිධ ක්‍රියාකාරකම් රට බරපතළ තත්ත්වයකට ට තුඩු දෙන නිසා එවැනි කටයුතු වලින් ඈත් වී සිටින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.

තව ද වෛද්‍ය හේමන්ත හේරත් වැඩි දුරටත් සඳහන් කළේ, නිර්දේශ ලැබුණු පසු සයිනොෆාම් තෙවැනි මාත්‍රාව ද ලබා දීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?