AFC Banner
Empty Ad

කොවිඩ් එන්නත මුදලට විකුණලා – GMOA විශේෂ අනාවරණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින විශේෂ අනාවරණයක් සිදු කළා.

කොවිඩ් මර්ධන එන්නතක් මුදලට අලෙවි කිරීමේ සිද්ධියක් පිළිබඳ තමන් හට තොරතුරු වාර්තා වී ඇතැයි එම සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් අනාවරණය කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙලෙස විකුණා ඇති බවයි.

එය රුපියල් 5,000ක මුදලකට අලෙවි කර ඇති බවට ඔවුන් චෝදනා නගනවා.

(19) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අනාවරණය සිදු කළා.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් මෙරට පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලබාදීමට තවත් මාත්‍රා ලක්ෂ 6ක් අවශ්‍ය බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?