කොවිඩ් එන්නත්වල ඵලදායීතා ප්‍රමාණය තහවුරු වේ – සති තුනට බලපෑ අයුරු හෙළි කෙරේ

කොරෝනා වෛරසයේ නව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ෆයිසර් (Pfizer) සහ ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) යන එන්නත් දෙවර්ගය ඉතා ඉහළ ඵලදායීතාවක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙන බව බිබීසී වාර්තා කර තිබෙනවා.

නමුත් ඒ සඳහා එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කර තිබිය යුතු බව අවධාරණය කෙරෙනවා.

මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත් දෙවර්ගයේ මාත්‍රා දෙකම ලබා දුන් විට, කෙන්ට් ප්‍රභේදයට එරෙහිව සලසන ආරක්ෂාවට සමාන මට්ටමේ ආරක්ෂාවක් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ද සලසන බවයි.

කෙසේ නමුත් පළමු මාත්‍රාව ලබා දී සති තුනකට පසුව Pfizer සහ AstraZeneca එන්නත් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව දැක්වූ ඵලදායිතාව 33%ක් පමණි.

පළමු මාත්‍රාවෙන් සති තුනකට පසුව කෙන්ට් ප්‍රභේදයට එරෙහිව ඵලදායිතාව 50%ක් බව සනාථ වී තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසිනුයි. ඔවුන් පවසන්නේ කොවිඩ් 19ට එරෙහි එන්නත් මගින් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණයට පත්වීම අවම කිරීම සඳහා වඩාත් ඵලදායී වී ඇති බවයි.

Moderna එන්නත ද එක්සත් රාජධානියේ ජනතාවට ලබා දී ඇති නමුත් එය ලබා දී ඇති සංඛ්‍යාව සාපේක්ෂව ඉතා අඩු නිසා එම එන්නත මෙම අධ්‍යයනයට ඇතුළත් කර නොමැති බව බීබීසී සංදේශය වාර්තා කර තිබෙනවා.

Pfizer එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී දෙසතියකට පසුව වෛරසයේ ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 88%ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති අතර ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් දෙසතියකට පසුව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 60%ක ද කෙන්ට් ප්‍රභේදයට එරෙහිව 66%ක ඵලදායීතාවක් ද තහවුරු කර තිබුණා.

ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව කලින් ලබා දීමට හැකිවීම මෙම එන්නත් දෙකෙහි ඵලදායීතාවේ වෙනසට හේතුවක් විය හැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

අනෙකුත් දත්තයන් ඔස්සේ පෙනී ගොස් ඇත්තේ AstraZeneca එන්නතේ පූර්ණ ඵලදායීතාව කරා ළඟාවීමට සාපේක්ෂව වැඩි කාලයක් ගතවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22