AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් ආසාදිතයන් වැඩි වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැනුම්දීමක්

කොවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ චීන සෞඛ්‍ය නිලධාරීන් රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසනවා.

පසුගිය සති කිහිපය තුළ රටේ දැඩි සීමාවන් බොහොමයක් ඉවත් කර තිබුණ ද ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

රටවල් කිහිපයක් මේ වනවිට චීනයෙන් පැමිණෙන සංචාරකයින් පරීක්ෂාවට ලක් කිරීම ද ආරම්භ කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් පවසන්නේ රෝහල්ගතවීම්, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම් සහ මරණ මෙන්ම එන්නත්කරණය පිළිබඳ සංඛ්‍යා දත්ත සොයා බැලීමට අවශ්‍ය බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය යන රටවල් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ නියම කර තිබෙනවා.

චීනයේ සිට එංගලන්තයට පැමිණෙන මගීන්ට ගුවන් යානයකට නැගීමට පෙර කොවිඩ් අසාදිත නොවන බවට වන ඍණාත්මක පරීක්ෂණ වාර්තාවක් ලබා දිය යුතුයි.

මේ අතර කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායම අඟහරුවාදා රැස්වීමක් කැඳවා තිබෙනවා.

එහිදී වෛරස් ව්‍යාප්තිය පිළිබඳ සවිස්තරාත්මක දත්ත ඉදිරිපත් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන්ට ආරාධනා කර ඇති බව ද සඳහන්.

චීනයේ බොහෝ සෞඛ්‍ය සීමාවන් හදිසියේ ඉවත් කිරීම රජය විසින් සිදුකරනු ලැබුවේ නොවැම්බර් මාසයේ විරෝධතාවලින් පසුවයි.

එතෙක් චීනය සතුව තිබුණේ ලෝකයේ දැඩිම Covid විරෝධී පාලන තන්ත්‍රයක්.

රෝගීන් අතලොස්සක් පමණක් හමු වූවත් දැඩි අගුලු දැමීම්, ආසාදිතයන් වාර්තා වූ ස්ථානවල පරීක්ෂණ සහ කොවිඩ් සහිත පුද්ගලයින්ට නිවසේ හෝ රජයේ පහසුකම්වල නිරෝධායනය වීමට සිදු වීම් ද ඒ අතර වුණා.

චීනයේ දිනකට ආසාදිතයන් 5,000ක් පමණ හමුවීමත් සමඟ වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා.

නිල වශයෙන් දෙසැම්බර් මාසය පුරාවට චීනයේ කොවිඩ් මරණ 13ක් පමණක් සිදුවී ඇති නමුත් බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ සෞඛ්‍ය දත්ත සමාගමක් වන එයාර්ෆිනිටි පැවසුවේ චීනයේ පුද්ගලයින් 9,000ක් පමණ මෙම රෝගයෙන් දිනකට මිය යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?