කොවිඩ් ආසාදිතයන් වැඩි වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැනුම්දීමක්

කොවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ චීන සෞඛ්‍ය නිලධාරීන් රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසනවා.

පසුගිය සති කිහිපය තුළ රටේ දැඩි සීමාවන් බොහොමයක් ඉවත් කර තිබුණ ද ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

රටවල් කිහිපයක් මේ වනවිට චීනයෙන් පැමිණෙන සංචාරකයින් පරීක්ෂාවට ලක් කිරීම ද ආරම්භ කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් පවසන්නේ රෝහල්ගතවීම්, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම් සහ මරණ මෙන්ම එන්නත්කරණය පිළිබඳ සංඛ්‍යා දත්ත සොයා බැලීමට අවශ්‍ය බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය යන රටවල් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ නියම කර තිබෙනවා.

චීනයේ සිට එංගලන්තයට පැමිණෙන මගීන්ට ගුවන් යානයකට නැගීමට පෙර කොවිඩ් අසාදිත නොවන බවට වන ඍණාත්මක පරීක්ෂණ වාර්තාවක් ලබා දිය යුතුයි.

මේ අතර කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායම අඟහරුවාදා රැස්වීමක් කැඳවා තිබෙනවා.

එහිදී වෛරස් ව්‍යාප්තිය පිළිබඳ සවිස්තරාත්මක දත්ත ඉදිරිපත් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන්ට ආරාධනා කර ඇති බව ද සඳහන්.

චීනයේ බොහෝ සෞඛ්‍ය සීමාවන් හදිසියේ ඉවත් කිරීම රජය විසින් සිදුකරනු ලැබුවේ නොවැම්බර් මාසයේ විරෝධතාවලින් පසුවයි.

එතෙක් චීනය සතුව තිබුණේ ලෝකයේ දැඩිම Covid විරෝධී පාලන තන්ත්‍රයක්.

රෝගීන් අතලොස්සක් පමණක් හමු වූවත් දැඩි අගුලු දැමීම්, ආසාදිතයන් වාර්තා වූ ස්ථානවල පරීක්ෂණ සහ කොවිඩ් සහිත පුද්ගලයින්ට නිවසේ හෝ රජයේ පහසුකම්වල නිරෝධායනය වීමට සිදු වීම් ද ඒ අතර වුණා.

චීනයේ දිනකට ආසාදිතයන් 5,000ක් පමණ හමුවීමත් සමඟ වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා.

නිල වශයෙන් දෙසැම්බර් මාසය පුරාවට චීනයේ කොවිඩ් මරණ 13ක් පමණක් සිදුවී ඇති නමුත් බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ සෞඛ්‍ය දත්ත සමාගමක් වන එයාර්ෆිනිටි පැවසුවේ චීනයේ පුද්ගලයින් 9,000ක් පමණ මෙම රෝගයෙන් දිනකට මිය යන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39