කොලොම්බියානු ජනපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්

කොලොම්බියානු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින සෙනෙට් සභික මිගෙල් උරිබේ වෙඩි ප්‍රහාරයටකට ලක්ව තිබෙනවා.

බොගෝටා හි පැවති උත්සවයක දී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එරට වේලාවෙන් ඊයේ (07) පස්වරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකට සහභාගී වෙමින් සිටියදී සන්නද්ධ පුද්ගලයෙක් විසින් ඔහුගේ හිස පිටුපසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ උරිබේ වහාමනා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව තවමත් අනාවරණය සිදුකර නැහැ.

මේ අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි බොගෝටා නගරාධිපති කාලෝස් ගැලන් පැවසුවේ.

39 හැවිරිදි මිගෙල් උරිබේ කොලම්බියාවේ විශාලතම විරුද්ධ පක්ෂයක් වන කොන්සර්වේටිව් සෙන්ට්‍රෝ ඩිමොක්‍රැටිකෝ පක්ෂයෙන් එළඹෙන ජනාධිපතිවරයා වෙනුවෙන් තරග වැදීමට නියමිතව පසුවනවා.

මෙම ප්‍රහාරය කොලොම්බියානු රජය සහ සෙන්ට්‍රෝ ඩිමොක්‍රැටිකෝ මෙන්ම හිටපු ජනාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය නායකයින්ගෙන් හෙළා දැක තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40