කොල්ලුපිටිය, ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක් දෙසට අද (25) අලුයම 2.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටී – 56 ගිනිඅවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, එම වෙඩි තැබීම කුමන අරමුණකින් සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳව තවමත අනාවරණය වී නැහැ.
වෙඩි ප්‍රහාර 15ක් පමණ එල්ල කර ඇති බවයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
2
+1
+1
1
+1
1













