කොරෝනා නිසා ලංකාවට ලාබයි..- කබීර් හෂීම්

බංග්ලාදේශයෙත් කොවිඞ් තිබුණා හැබැයි බංග්ලාදේශයට පුළුවන් වුණා ශී‍්‍ර ලංකාවට ණයක් දෙන්න. එසේනම් කොරෝනා නිසා රටවල් වැටුණයි, ආයතන වැටුණයි කියන තර්කය පිළිගන්න බෑ යැයි සමගි ජන බලවේගය කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

අදහස් දැක්වූ මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා,

පසුගියදා තෙල් මිල වැඩි කිරීම රටේ පීඩිත පංතියට විශාල පහරක් වදිනවා. ප‍්‍රවාහන සේවයේ හා ධීවර කටයුතු ඇතුළු සමස්ත ජනතාවටම පහරක්. නමුත් ඒ ගැන කතා කරන්නේ නැතුව සාධාරණීකරණය කරන්නට අදාළ ඇමැතිවරයා උත්සාහ ගන්නවා. එය වැරැුදි ක‍්‍රියාවක්. උදය ගම්මන්පිල ඇමැතිවරයා කියන්නේ කොවිඞ් වසංගතය එක හේතුවක් කියලා. එසේ වෙන්නේ නැහැ. එය ගෝලීය මට්ටමේ තිබෙන ඛේදවාචකයක්. සමහර රටවලට වසංගතය අවාසි තැන් වගේම වාසි තැනුත් තියෙනවා. අපේ රට ගත්තම සංචාරක ව්‍යාපාරය පාඩු ලැබූවත්, සමහර ආයතන වාර්තාගත වෙන ආදායම් ලබනවා. එහිදී LOLC ්‍සමාගම 2019 දි වාර්ෂික ආදායම් කෝටි 1980 ක්. හැබැයි 2020 දී කෝටි 5320 කට ඉහළ යනවා. හේලීස් සමාගමත් එසේයි. 2019 වාර්ෂික ආදායම කෝටි 289 යි, 2020 දී කෝටි 1405 යි. එවැනි තවත් ආයතන තිබෙනවා. එය එක්ස්ප්‍රෝ ලංකා, හේමාස් සමාගම, කොමර්ෂල් බැංකුව වගේම රාජ්‍ය ආයතනත් එසේයි. එහිදී ඛනිජ තෙල් සංස්ථාවට වාසියක් වුණා. 2020 වනවිට තෙල් ආනයනය අඩු නිසා කෝටි 23550 ක් ගිය වසරේ ඉතිරි කිරීමට රජයට හැකි වුණා. ඒකට මොකක්ද කරේ. ස්ථායී අරමුදලට එය ඇතුළත් වෙන්න ඕන. ඊට අමතරව විදුලිබල මණ්ඩලයෙන් ගිය වසරේ තෙල් සංස්ථාවට කෝටි 4800 ක් ආපසු ගෙව්වා. ඒ මුදලූත් ලැබුණා. ඒ නිසා කොවිඞ් නිසා පාඩුවක් තෙල් සංස්ථාවට ඇති වුණේ නැහැ. බංග්ලාදේශයෙත් කොවිඞ් තිබුණා. හැබැයි බංගලදේශයට පුළුවන් වුණා ලංකාවට ණයක් දෙන්න. එසේනම් කොවිඞ් නිසා රටවල් වැටුණයි, ආයතන වැටුණයි කියන තර්කය පිළිගන්න බෑ.

රජයේ අජිත් කබ්රාල් හා උදය ගම්මන්පිල කියනවා මිල වැඩිවීම ලෝක වෙළෙඳපොළ තෙල් මිල වැඩි වුණ නිසා බව. එය පට්ටපල් බොරුවක්.

2020 පෙට‍්‍රල් හා ඞීසල් ආනයනයේදී ලීටරයක් ආනයනය කිරීම සඳහා ගිය වියදම රුපියල් 56 ක් පමණයි. හැබැයි එම 56 ට ආනයන කරපු පෙට‍්‍රල් හා ඞීසල් අලෙවි කරන්නේ පෙට‍්‍රල් 137 කට. ඒ කියන්නේ ලීටරයකින් රුපියල් 81 ක ලාභයක් තියෙනවා. ඞීසල් ලීටරයක් අලෙවි කරන්නේ රු. 104 කට. රු. 33 ක ලාභයක් තියාගෙන රුපියල් කෝටි 3000 ක ලාභයක් උපය ගත්තා කියලා එම කාරක සභාවේ සනාථ වෙනවා.

පාරිභෝගිකයාට මිල වැඩි කිරීමක් නොකර මැදිහත් වීමක් කරන්න අරමුදලක් පිහිටෙව්වා කියල කියනවා. ගම්මන්පිල මහත්තයා පට්ටපල් බොරුවක් කියනවා ජාත්‍යන්තරයේ මිල වැඩි වීමක් වුණා කියලා. මා හිටපු ඛනිජ තෙල් ඇමතිවරයා විදියට දන්නවා බොරතෙල් බැරලයක මිල. පෙට‍්‍රල් බැරලයක මිල ඩොලර් 71 යි. අදත් ඒ හා සමානයි. මිල ගැන කතා කිරීම බොරුවක්.

සමස්ත බදු ආදායම කෝටි 60000 කින් රටට අහිමි වුණා. එහිදී ශ්‍රේණිගත කරන ආයතන අපිට අවවාද කරා එයට ඇහුම්කන් නොදීම නිසා අපේ රටේ ප‍්‍රමිතිය පහළ දැම්මා. එයින් විදෙස් ණය නොලැබී ගියා. ඒ වගේම මුදල් අච්චු ගැහුවා. එම නිසා රටේ මූල්‍ය අස්ථායි තත්ත්වයක් මතුවුණා. මේ හේතු නිසා රුපියල තවත් වැටුණා. ඒවට වගකිවයුත්තේ නිවාඞ් කබ්රාල් මහත්තයා ඇතුළු ආණ්ඩුවයි. එමනිසා තෙල් මිල වැඩි කිරීම අසාධාරණයි.

– divaina

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48