කොරෝනාවෙන් මිදීමට නම් ඔබත් මේ දේ කරන්න – සෞඛ්‍ය අංශ හෙලි කල අනාවරණය

කොරෝනා රෝගයෙන් ආරක්ෂා විමට නම් ගන්නා ඖෂධවලට අමතරව දෛනිකව පෝෂදායි ආහාර වේලක් ලබා ගැනිම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන කියා සිටියේ වෛසරය ආසාදිත වු පුද්ගලයන් ද සමබර ආහාර වේලක් ලබා ගැනිම අනිවාර්ය බවයි.

මේ අතර, කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින පිරිස් සඳහා ආයුර්වේද ඖෂධ ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයකදීම ෙ (23) ආරම්භ වුණා.

මේ අතර, විශේෂ ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන අසාද්‍ය තත්ත්වයේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍යවන ඔක්සිජන් උණුසුම් කර ලබාදෙන උපකරණයක් ගුවන් හමුදාව විසින් නිපදවා ඇති අතර එය නාගොඩ රෝහල වෙත භාර දුන්නා.

එසේම,ගර්භණී කාලය සති 26 ඉක්මවූ මව්වරුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් අනිවාර්යෙන්ම රෝහල් ගත විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් කොළඹ (23) පැවැති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල් වලින් (23) පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 44,381 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 3223 දෙනෙකු වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදි ඔවුන් චෝදනා කළේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නිර්වින්ද ඖෂධවල හිඟයක් පවතින බවයි.

කොරෝනා දත්ත වාර්තා කිරිමේදි ඇති වු ගැටළුකාරී තත්ත්වයන් මීට පසු ඇති නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබන වාට්ටු සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සඳහන් කළේ.

එසේම, කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?