කොරියාව පෙන්වා කළ මූල්‍ය වංචාවකට පොහොට්ටු හිටපු ප්‍රාදේශීය සභා ලොක්කෙකු අල්ලයි

කොරියාවේ රැකියාවකට යවන බව පවසා රුපියල් තිස්තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නියාගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සාමාජික (ශ්‍රී.පො.ජ.පෙ) හිටපු සභාපති ප්‍රසාද් රණසිංහ වීරක්කොඩි ව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කොරියාවේ රැකියාවකට යවන බව සහ විවිධ හේතු දන්වා අවස්ථා දෙකක දී වින්දිත පාර්ශ්වයෙන් සැකකාර හිටපු පොහොට්ටු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මුදල් ලබාගෙන ඇති බව ද පැමිණිල්ලේ සඳහන්.

පැමිණිල්ල අනුව පොලිස් කණ්ඩායම ඊයේ බලපිටිය නගරයේ දී සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; සැකකරු අද දිනයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති බවයි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි. ටී. බී. සුගතපාල ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහි වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14