කොරියාවේ හැලොවීන් සැමරුමේ දී තෙරපීමෙන් මිය ගිය ලාංකික තරුණයා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේ දී සිදු වූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික තරුණයෙකු ද සිටින බවට තොරතුරු වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහනුවර, උඩතලවින්න, මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මුනව්වර් මුහම්මඩ් ජිනාත් නැමැති 27 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා වසර දෙකක පමණ කාලයක සිට දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටින බවත්, ඔහු මීට මාස එකහමාරකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ විවාහ වී යළි විදේශ ගතව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය ජිනාත්ගේ ඥාති සහෝදරයෙකු පැවසුවේ මෙවැන්නක්.

“ජිනාත් විවාහ වෙලා මාස දෙකයි.එයා විවාහ උත්සවයෙන් පසු කොරියාවට ගිහින් මාස එකහමාරයි. ඒ රටේ පටු වීථියක තිබ්බ උත්සවයක දී තෙරපීමකට ලක්වෙලා මියගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මයි තාත්තයි ලෙඩින් ඉන්නේ. අක්කා විවාහ වෙලා, මල්ලී කෙනෙකුත් ඉන්නවා. බිරිද මඩකළපුවේ ඉන්නේ, මේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.”

https://youtu.be/I3jeVADk4L4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51