spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරියාවේ හැලොවීන් සැමරුමේ දී තෙරපීමෙන් මිය ගිය ලාංකික තරුණයා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේ දී සිදු වූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික තරුණයෙකු ද සිටින බවට තොරතුරු වාර්තා වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහනුවර, උඩතලවින්න, මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මුනව්වර් මුහම්මඩ් ජිනාත් නැමැති 27 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා වසර දෙකක පමණ කාලයක සිට දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටින බවත්, ඔහු මීට මාස එකහමාරකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ විවාහ වී යළි විදේශ ගතව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය ජිනාත්ගේ ඥාති සහෝදරයෙකු පැවසුවේ මෙවැන්නක්.

“ජිනාත් විවාහ වෙලා මාස දෙකයි.එයා විවාහ උත්සවයෙන් පසු කොරියාවට ගිහින් මාස එකහමාරයි. ඒ රටේ පටු වීථියක තිබ්බ උත්සවයක දී තෙරපීමකට ලක්වෙලා මියගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එයාගේ අම්මයි තාත්තයි ලෙඩින් ඉන්නේ. අක්කා විවාහ වෙලා, මල්ලී කෙනෙකුත් ඉන්නවා. බිරිද මඩකළපුවේ ඉන්නේ, මේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.”

https://youtu.be/I3jeVADk4L4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?